දුමින්ද සිල්වාගේ අභියාචනය නිෂ්ප්‍රභා වෙද්දී නෑයො අඬලා


හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මරණ දඬුවම තහවුරු කිරීමෙන් පසු ඔවුන්ගේ ඥාතීහු ඒ පිළිබඳ සිය ශෝකය ප‍්‍රකාශ කරමින් හඬා වැලපෙන්නට වූහ.

චූදිත දුමින්ද සිල්වා මහතා ගේ පියා ,බාල සහෝදරයා,නැගණිය

සහ මවගේ නැගණිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අධිකරණ ශාලවේදී දුමින්ද සිල්වා මහතා වැළඳ අඬා වැළෙපෙනු දක්නට ලැබිණි.

චූදිත චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද උපරිමාධිකරණ සංකීර්ණයෙන් ඉවතට රැගෙන පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සහ දියණිය හඬා වැලපුණහ.

මේ අතර තීන්දුව ප‍්‍රකාශයට පත් කර විනාඩි 40 ක් ඇතුළත චූදිත දුමින්ද සිල්වා මහතා ඇතුළු සෙසු චූදිතයින් තිදෙනා උපරිමාධිකරණ සංකීර්ණයෙන් ඉදිරිපස දොරටුවෙන් ඉවතට රැගෙන පැමිණි බන්ධනාගාර නිලධාරීහු ඔවුන් බන්ධනාගාර නිල ගිලන් රථයකින් බන්ධනාගාරයට රැගෙන ගියහ.


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment