විදුලිබල අමාත්‍යංශය නිසිපටිපාටියෙන් බැහැරව ක්‍රියාකරලා.

කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීනයට දීමේ නඩුවේ විදුලිබල අමාත්‍යංශය විසින් විදුලිබලාගාර ටෙන්ඩර් පැවරීමේදී නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර තිබෙනවා. 

කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 350ක ධාරිතාවයෙන් යුතු විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය ඒ සඳහා අවම මිල ඉදිරිපත් කල ලක්දනවි සමාගමට ලබා නොදී චීන සමාගමකට ලබාදීමට එරෙහිව සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරය විසින් ගොනු කල නඩුව පසුගියදා විභාගයට ගැණුනු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත්තේ. 

මෙම ටෙන්ඩරය පිළිබඳ අවසන් නිර්දේශය ලබාදීමට පෙර විදුලි බල අමාත්‍යංශය විසින් ඒ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතු වුවද අමාත්‍යංශ ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා ඒ පිළිබඳව නොසලකා ක්‍රියාකර ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය වුණා. 

මහජන උපයෝගීතා කොමිසම නියෝජනය කරමින් පැමිණි නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනයට තහවුරු කර තිබෙනවා. 

මෙම බලාගරයේ විදුලි ඒකකයක් සදහා ලක්දනවි සමාගම රුපියල් 14.98ක ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර ජී.සි.එල් චයිනා සමාගම රුපියල් 15.97ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා. 

තාක්ෂණික ඇගයීම් කමිටුව සහ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව විසින් ලක්දනවි සමාගමට මෙම ටෙන්ඩරය ලබා දිය යුතු බවට නිර්දේශ කර තිබියදී එක්වරම එය චීන සමාගමට ලබාදීමට අමාත්‍යංශ ලේක්ම්වරයා ක්‍රියාකිරීම නිසා දළ වශයෙන් රුපියල් බිලියන 85ක පමණ අලාභයක් රටට සිදුවනු ඇතැයි පසුගිය සමයේදී  සමාජය තුල බොහෝ සේ කතාබහට ලක්වුනා.

නඩුව යළි නොවැම්බර් 27 වනදා කැදවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment