එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙයි

https://www.gossiplankanews.com/2018/10/political-change-upfa-unp.html#more

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා අද 26 සවස මාධ්‍ය
වෙත දැනුම් දුන්නා.
මෙම තීරණය කතානායකවරයා වෙත

ලිඛිතව දැනුම් දීමේ කටයුතු මේවන විටත් සිදුවෙමින් පවතින බව ඔහු දන්වා සිටියේය.
එජාපය හා එජනිස වසරක හවුල් ආණ්ඩුවකට එලැඹියේ 2015 දීය. එය නැවත දීර්ඝ කිරීමක් හෝ අත්හැරීමක් සිදු නොකර මේ දක්වා දිගටම පවත්වා ගියේ විවිධ පස්පර මතවාද බාධක සහිතවය.
මෙම දේශපාලන වෙනස සමග රජය පවත්වායාමේ බහුතරය සකසා ගැනීමට ප්‍රධාන පක දෙක වන එජාපය හා එජනිස අතර තරගයක් බිහිවනු ඇති අතර ඉදිරි දිනවලදී දේශපාලන පෙරළි ගණනාවක්ම මතුවීමට ඉඩ ඇති බවට අනාවැකි පළව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment