ගාල්ල නුගදුව, කඩොලාන පරිසරය විනාශයි.


ගාල්ල නුගදුව පුරා අක්කර 54 ක් ඇති කඩොලාන පරිසරය සහිත ඉඩම විනාශ වෙනවා.මෙය සුරක්ෂිත කරන්ට පියවර ගන්නවා.මෙහි අක්කර 54 ක් මණ තියනවා. රුපියල් ලක්ෂ 500ක් වැය කරල හදනවා.උද්‍යානයක් සකස් කරනවා.පුද්ගලික ඉඩම් සහිත පවුල් 30 ක් ද මෙහි  තියනවා.ඒ අයට වන්දි ගෙවනවා.සමහරු මේවාට කසළ ගෙනත්  දමනවා.මෙහි කසිප්පු ජාවාරම සිදු කරනවා.වෙනත් ජාවාරම් රැසක්ද සිදුවෙනවා. අනසර ඉදිකරිම් ද සිදු කරනවා. මේ නිසා මෙම ඉඩම රජයට පවරාගෙන සංරක්ෂණය කරන්නට පියවර ගන්නා  බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විමේ සම සභාපති විජේපාල හෙටිටිආරච්චි මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විමේ දී දීය.ගාල්ල සම්බන්ධිකරණ රැස්විම 22 දින  ගාල්ල දිසත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දීය. තරුණ කටයුතු ව්‍යාපෘති සංවර්ධන හා දක්ෂිණ සංවර්ධන ඇමති පියසේන ගමගේ මහතාගේ සම සභාපතිගේ ප්‍රධානත් පැවැත්විණි.

[සුනෙත් ගාල්ලගේ - ගාල්ල]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment