බිව්වෙ නැතැයි කී බීමත් වෛද්‍යවරිය බන්ධනාගාරෙන් බේරෙන්න තුවාල නැතිව තවම රෝහලේ


පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන වික්‍රමරත්න මාවතේදී පොලිස් නිලධාරියෙකු මරණයට පත් කළ වෙසල් රථය පැදවූ කාවිංගා ගුණවර්ධන (39) විශේෂඥ වෛද්‍යවරිය අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටියේ නැති බවට ඇගේ හිතවත් වෛද්‍යවරුන් ලබාදුන් සාක්ෂිවලින් පසුව පොලිස් පරීක්ෂණ අනුව බීමතින් සිටි බවට
බැලුන් පුම්බා සහතික කරගත් පසු

උසාවියට යොමු කර ඇය ලබන  09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත. නමුත් ඇය එම අවස්ථාවේ තුවාල ලද බව කියමින් බන්ධනාගාර ගත නොවී රෝහල්ගතවූ අතර කිසුදු තුවාලයක් නැතිව තවමත් කළුබෝවිල මහ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.
ඇය නොබීවැයි කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේනද උත්සව සභාවක් අමතා පසුගියදා ප්‍රකාශයක් කළේ උපහාසයෙනි. ඇය එම කතාවද රෝහලේ සයනය මත සිට සිනහසෙමින් නැරඹූ බව වාර්තාවේ.

අනතුරින් ඇයට කිසිදු තුවාලයක්‌ සිදුවී නොමැති බවත් ඇය රෝහල්ගතව සිටිනුයේ වැලිකඩ බන්ධනාගාරගතෙ නොවී කෙලින්ම 09 වැනිදා උසාවියට ඉදිරිපත් වීමේ අරමුණින් බව රෝහල් ප්‍රකාශකයෙක්‌ සදහන් කර තිබේ.
ලබන 9 වැනිදා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ඇය පෙනී සිටීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment