මාතර මාර්කට් එකේ විකුණන රතු ලූණු සමග බලු බෙටි

දිනපතා විශාල පිරිසක් බඩු මිලදී ගන්නා මාතර පොදු වෙළඳපොළේ සුනඛ මලපහ සමඟ මිශ්‍රව තිබූ ලූනු තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් විනාශ කිරීමට කටයුතු කළ බව නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි. පුරපති රංජිත් යසරත්න හා නාගරික කොමසාරිස් සේනක 
පල්ලියගුරුගේ මහත්වරු මහජන පොළේ ගැටලු සොයා බැලීමට ක්ෂේත්‍ර චාරීකාවක යෙදී සිටියදී දිනපතා විවෘත කර තබන මාතර  පොදු වෙළෙඳපොළ ගොඩනැඟිල්ලේ පළමු මහලේ කොරිඩෝවක බිම දමා තිබූ මෙම ලූනු තොගය ඇස ගැටී  ඇති අතර ඒ මත සුනඛයන් මලපහ කර තිබූ අයුරු

දැක වහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවා ඒ පිළිබඳව නීත්‍යනුකූලව කටයුතු කර ඇත.

කුණු දූවිලි පිරි බිම මත විසුරුවා හැර තිබූ ලූනු තොගය මත කිලෝ දෙකක පමණ සුනඛ මලපහ තිබෙනු දක්නට ලැබුණු බව පල්ලියගුරු මහතා කීවේය. නිලධාරීන් පැමිණීමත් සමඟ ලුනු තොගයේ අයිතිකරු වහාම අතුරුදන්ව ඇති අතර අයිතිකරු නැති ලුනු තොගය නගරාධිපති නියෝගයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් විනාශ කිරීමට කටයුතු කර ඇත.

නගරාධිපති  ඇතුළු කණ්ඩායම එ ස්ථානයට නොගියේ නම් සුනඛ මලපහ සහිත එම ලූනු නුදුරු දිනෙක ජනතාවට අලෙවි කරනු ඇති බවත් මහජන පොළේ භෞතික පහසුකම්වල කුමන අඩුපාඩුකම් තිබුණද පාරීභෝගික ජනයාගෙන් ලබා ගන්නා මුදලට සරිලන භාණ්ඩ අලෙවි කිරීමට තරම් අවම සදාචාරයක්වත් වෙළෙන්දෙකුට තිබිය යුතු බවත් නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා කීවේ. එමෙන්ම සල්ලිවලට ජනතාව ජරාව කවන මෙවන් තත්කඩි වෙළෙන්දන් සිටින තැන්වලින් කන බොන දේවල් මිලට ගැනීමේදී දෙවරක් සිතා බලන ලෙසද නාගරික කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය.


-නිලුකා හේරත්-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment