හාල් මැස්සෝ අල්ලලා වැඩක් නැහැ, අධිකරණයේදී CIDයට දෝස්!


''හාල් මැස්සෝ ගෙනත් වැඩක් නැහැ, මේ වගේ අපරාධවලට වගකිවයුතු ලොක්කෝ අධිකරණයට ඉදිරිපත් කරන්න'' යයි නීතිඥ අචලා සෙනවිරත්න මෙනවිය අධිකරණය හමුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රකාශකර ඇත.

ඒ, 2008 වසරේදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන රැකියා නියෝජිත ආයතන කළමනාකරුවෙකු වන ලක්සිරි නැමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීය.

නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් මෙහිදී පෙනී සිටියාය.

ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රටින් පලායාමට 'අශෝක' නමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සැදීම හා ඒ නමින් ගුවන් ටිකට් පත් මිලදී ගැනීම මගින් ආගමන හා විගමන පනතේ 45 සී වගන්තිය යටතේ නීති විරෝධී සංක්‍රමණය සඳහා ආධාර අනුබල දීම යටතේ සැකකාර ලක්සිරි නැමැත්තා එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ චෝදනා ගොනුකරනු ලැබිය.

මෙම සිද්ධියට අදාල අනෙකුත් සැකකරුවන් අධිකරණයට හමුවට ගෙන්වා නේදැයි මහේස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන් විමසා සිටියාය.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට නාවික හමුදා කඳවුර තුල සැඟව සිටීමට හා ඔහුව විදේශගත කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න මහතාට ද චෝදනා එල්ලවී ඇත.

රණවිරු දඩයමක් නොවේ ! 

''යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවේ'' - ජනාධිපති

පසුගියදා නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සෙබලාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලූදෙනාගේ අභිමානය සුරැකීමට තම රජය නිරන්තරයෙන් කැපවී සිටින බව අවධාරණය කල අතර යුද්ධය පැවති සමයේදී මෙන්ම ඉන් පසුව ද යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව කියා සිටියේය.

2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව ද ඔහු එහිදී සදහන් කළේය.

යුද්ධයෙන් බාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලූදෙනාට නීතිය ක්‍රියාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment