අගමැති ලේකම්වරයාට වියදම් සිදු කිරීමට නොහැකියි - පාර්ලිමේන්තුවේ 123 කින් සම්මතයි

අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය රහිතව විපක්ෂය ගෙන ආ
අගමැති ලේකම්වරයා

ලෙස පෙනී සිටින පුද්ගලයාට රජයේ වියදම් සිදුකිරීම වළක්වා ලීමේ යෝජනාව ඡන්ද 123 කින් සම්මත විය. විරුද්ධව 0 කි.
මෙහිදී අද දින පාර්ලිමේන්තුවට සහභාගීවූ විජයදාස රාජපක්ෂ හා අතුරලියේ රතන හිමිද පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර කිසිවෙකු විරුද්ධවූයේ නැත.
ඡන්ද විමසීම  කොටසක් ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට හා කොටසක් නම් අඩගසා සිදුවිය.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂට හෝ අගමැති කාර්ය මන්ඩලයට ඉදිරියේ වියදම් සිදුකිරීමට හැකියාව අවහිර කර තිබේ.
ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව 30 හෙට උදෑසන දක්වා කල් තබන ලදි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment