කතානායක කරූගේ ක්‍රියාමාර්ගය හරි - පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් නිහාල් සෙනෙවිරත්න.


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය නිවැරැදි යැයි ද ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවකට ඡන්දය විමසීමට හැකි යැයි ද පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි.

කතානායක කරු ජයසූරිය මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය ස්ථාවර නියෝගවලට අනුකූල යැයි ද සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිටියි.

ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවක් අනුමත කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි යැයි රජයේ කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පසුගියදා කල චෝදනාව සම්බන්ධයෙන් ‘ලංකාදීප’ පුවත්පත කල විමසීමක දී සෙනෙවිරත්න මහතා එබව සඳහන් කර තිබේ.

නිහාල් සෙනෙවිරත්න මහතා 1981 සිට 1994 දක්වා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරුවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment