සිරිසේනගේ කුමන්ත්‍රණය නිසා රාජ්‍ය සේවය බිඳ වැටෙන ලකුණු.


පවතින දේශපාලන අර්බුදය නිසා රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම්, උසස් වීම්, බඳවා ගැනීම් නවතා දමා තිබෙන බවත් මෙය රජයේ සේවක සේවිකාවන්ට කරන බරපතල අසාධාරණයක් බවත් රාජ්‍ය, පළාත් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

2019 වසරේ ජනවාරි 01 වැනිදා වන විට මධ්‍යම රජයේ හා පළාත් රාජ්‍ය සේවාවල තිස් දහසකට අධික පිරිසක් ස්ථාන මාරු කිරීම් ලබා ගැනීමට නියමිතව සිටි බවද එම සන්ධානයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලරත්න මහතා පැවැසීය

එහෙත් ස්ථාන මාරුවීම් අවලංගු කර තිබෙන නිසා ස්ථාන මාරුවීමට අදාළ නියෝග අදාළ සේවා ස්ථාන වෙත යැවීමට නොහැකි වී තිබෙන බවත් මීට අමතරව අභියාචනා මණ්ඩල රැස්වීමටත් නොහැකිවී තිබෙන බවත් ඔහු කීය.

මේ නිසා ගුරුවරුන්ගේ ස්ථාන මාරු මාස ගණනක් කල්ගත වීම සිදු වුවහොත් සිසු - සිසුවියන්ගේ අධ්‍යාපනයට දැඩි ලෙස බලපාන බවත් මීට අමතරව අනෙකුත් රජයේ සේවකයන්ගේ ස්ථාන මාරු කල්ගත වීම නිසා ඔවුන්ගේ දරුවන්ට පාසල් සොයා ගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවද ලේකම්වරයා කියා සිටියේය.

මීට අමතරව 2019 වසරට අදාළ සියලුම උසස්වීම් අත්හිටුවා තිබෙන බවත් මේ නිසා රාජ්‍ය සේවකයන් දස දහස් ගණනකට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පවසන ඒ මහතා රාජ්‍ය සේවක පුරප්පාඩු සම්පූර්ණ කරගැනීමට නොහැකි වීමෙන් රාජ්‍ය සේවය කඩා වැටීමකට පවා ලක්වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment