කුමන්ත්‍රණ ජනපති සිරිසේනට මහ නාහිමිවරු දොර වහයි.


රටේ මූලික නීතිය උල්ලංඝණය කරමින් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් රට ම අගාධයට ඇද දැමූ ඇද දැමූ ජනාධිපති සිරිසේනව මුණගැසීමට අස්ගිරි පාර්ශවයේ හා මල්වතු පාර්ශවයේ මහ නායක හිමිවරු ප්‍රතික්ෂේප කළ බව මල්වතු හා අස්ගිරි මහ විහාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 09 වන දින මධ්‍යම රාත්‍රියේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ ම උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි ජනාධිපති සිරිසේන ඊයේ ( 10 ) උදෑසන තමන්ගේ පවු සෝදාගැනීම සඳහා මහනුවරට ගොස් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගෙන ඇත. අනතුරුව මල්වතු සහ අසගිරි විහාරවලට ගොස් මහනායක හිමිවරු බැහැදැකීමට සැලසුම් කර තිබී ඇත. ඒ අනුව මහ නායක හිමිවරුන් බැහැ දැකීමට ජනාධිපතිවරයා පැමිණීමට නියමිත බව දැන්විමට දුතයකු යවා ඇත. එහෙත් මහ නායක හිමිවරු දෙපළ ම දන්වා ඇත්තේ: ජනතාවගේ වරමට පයින්ගසා, ව්‍යවස්ථාව මායිම් නොකර තම හිතුමතයට කටයුතු කරන පාලකයකු හමුවිමට උන්වහන්සේලාට අවශ්‍ය නැති බවයි.

සිද්ධියෙන් අනතුරුව මාධ්‍යය ආයතන අදාළ ස්ථානවලට යාම ද වළක්වා ඇති ජනාධිපති සිරිසේන වහාම කොළඹ බලාපිටත් වූ බව මහා විහාරයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම සිද්ධිය ද ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන සිද්ධියකි. එනම් මෙතෙක් කාලයක් කිසිදු මහ නාහිමිවරයෙක් තමන් බැහැදැකීමට පැමිණි කිසිදු රාජ්‍ය නායකයකු  ආපසු හරවා යවා නොමැත.

ස්ත්‍රී දූෂකයාගේ සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ ද මිලේච්ඡ මිනීමරුවෝද මහනායක හිමිවරු බැහැදැකිමට ගිය අවස්ථාවල දී ඔවුන්ගේ අතේ පිරිත් නුල් බැඳි මෙම හිමිවරු සිය කශේරුකාවේ ප්‍රාණවත්බව ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේලාට රටේ ප්‍රතිශීලි ජනතාවගේ ගෞරවය හිමිවිය යුතු ය.

ළඟදීම දිනයක මහනාහිමිවරුන්ට එරෙහිව ද කුමන්ත්‍රණයක් දියත් කරන්නට තරම් සිරිසේන ජනාධිපතිවරයා පසුබට නොවන හොත් එය පුදුමයක් බව ඔහුගේ සමීපතමයෝ පවසති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment