එජාපය අලියා වෙනුවට නැවත හංසයා ලකුණින් සන්ධානයක් ලෙස මැතිවරණයට


ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය අලියා සලකුණ වෙනුවට හංසයා සලකුණින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ පක්ෂ එකතුකරගත් සන්ධානයක් ලෙස තරග වදිනු ඇති බවට
එජාපයට සම්බන්ධ දේශපාලන ආරංචි අනාවරණය කර තිබේ.
අද 10 උදෑසන පැවති පක්ෂ සාමාජික රැස්වීමේදී මෙම අදහස ඉදිරිපත්ව ඇති අතර එයට බහුතර එකඟතාවයක් හිමිව ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් අවසන් තීන්දුව තවම ලබාගෙන නැත.
එජාපය සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක ලෙස නම් කර සාම්ප්‍රදායික ලක්ෂණ රහිත අලුත් පරම්පරාව

ආකර්ෂණය කරන මැතිවරණ ප්‍රචාරයක් දියත් කරන බවත් ඒ සඳහා සැලසුම් සැකසිය යුතු බවටත් අදහස් පළවී ඇත.
සුළු ජන පක්ෂ හා ශ්‍රීලනිපයෙන් කලකිරී එන අය එක්කරගන්නට නම් අලියා සලකුණ බාධාවක් වියහැකි බවට අදහස් පළවී ඇති අතර සියලු පක්ෂ ඒකරාශී කරගෙන හංසයා ලකුණින් තරග කිරීම වඩා උචිත බවට අදහස් පළව ඇත. රවී කරුණානායක මහතා ලියාපදිංචි කර පවතින හංසයා ලකුණ දරන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ 2014 ජනපතිවරණයද ජයගන්නට හැකිවිය. එජාප මහමැතිවරණයේ ප්‍රධාන සංවිධායකයින් ලෙස මංගල සමරවීර , සජිත් ප්‍රෙමදාස හා කරූ ජයසූරිය කටයුතු කරන බවටද වාර්තාවී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment