සිරිසේනගේ කුමන්ත්‍රණයෙන් පාසල් නිළ ඇඳුමත් නතරවෙයි.
සෑම වර්ෂයකම පාසල් සිසුන් සඳහා වර්ෂ අවසාන පාසල් වාරයේ අවසන් දින කිහිපයෙහි බෙදා දෙනු ලැබුවද මෙවර එම නිළ ඇඳුම් රෙදි වර්ෂ අවසාන පාසල් වාරයේ ලබාදීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එ් අනුව එම නිළ ඇඳුම් රෙදි ලබාදීම 2019 වසරේ පෙබරවාරි මස අවසානය දක්ව කල් යනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසල් සිසුන් සඳහා නිළ ඇඳුම් රෙදි ලබාදීමේ ක්‍රමය ආරම්භයේ සිට රෙදි ලබා දුන් අතර පසුගිය පසුගිය 2015 වසරේ සිට එය වව්චර් ක්‍රමයක් මගින් ලබාදෙන ලදී. කෙසේ නමුත් වත්මන් නීති විරෝධී ආණ්ඩුව සිය නීති විරෝධී අමාත්‍ය මණ්ඩලයේදි ගනු ලැබ ඇතැයි පැවසෙන තීරණයක් අනුව නැවත නිළ ඇඳුම් රෙදි ලබාදීමට නියෝග කර ඇත. ඒ අනුව මේ වනවිට ක්ෂණිකව නිළ ඇඳුම් රෙදි ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයද අර්බුදයකට ගොස් ඇත.
මෙම තත්වය හමුවේ ලක්ෂ 41ක් පමණ වන පාසල් සිසු සිසුවියන් මෙන්ම එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් මහත් අපහසුතාවයකට පත්වන අතර ව්‍යවස්ථා විරෝධී ලෙස සහ සදාචාර විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරිමේ කුමන්ත්‍රණය සිදු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තත්වයට සෘජුවම වගකිවයුතුව තිබේ.
0 comments :
Post a Comment