මැද පෙරදිගට වෙනම පාස්පොට් 31දා සිට නෑ

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙතෙක් නිකුත් කළ මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගු වන 
ගමන් බලපත්‍රය මේ මස 31 වැනිදා සිට
නිකුත් නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් එම්.එන්. රණසිංහ පවසයි.

මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු වන ගමන්  බලපත්‍රය නිකුත් කිරීම අවසන් කොට එළැඹෙන ජනවාරි 01දා සිට සියලුම රටවල් සඳහා වලංගු වන ගමන්  බලපත්‍ර පමණක් නිකුත් කරන බවද ඔහු පැවැසුවේය. මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන  දෙපාර්තමේන්තුව නිල නිවේදනයක්ද මේ වනවිට නිකුත් කොට තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment