කොඩිවිනයක් කිරීම නිසා ව්‍යාපාර බංකොලොත් වුවායි බාප්පාගේ පුතුන් දෙදෙනාට පහර දීලා


බාප්පා විසින් කොඩිවින කිරීමේ හේතුවෙන් සිය ව්‍යාපාරය බංකොලොත් වී යැයි කම්පාවට පත්ව බාප්පා සමඟ
ඇති වූ ආරවුලක් දුරදිග යෑමේන් බාප්පාගේ පුතුන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකර ඇති පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල - තනිපොල්ගහ හන්දිය අසල පදිංචි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇති අතර
පසුගිය කාලයේ එම ව්‍යාපාරය බංකොළොත් වී ඇත.

මේ අතර එම ප්‍රදේශයේ සැකකරුගේ පියාගේ සහෝදරයාද සාර්ථකව වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇත. ඔහුගේ ව්‍යාපාරය බංකොලොත් වූයේ බාප්පා විසින් කොඩිවින කිරීම නිසා යැයි පවසා පවුල් දෙක අතර නිතරම ආරවුල්ද සිදුව ඇත. මේ සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑම නිසා සැකකරු තම බාප්පාගේ කඩයට පැමිණ බෝතලයක් කඩා පහරදීමට තැත් කරද්දී පියා බේරා ගැනීමට පුතුන් දෙදෙනා ඉදිරිපත් වූ අවස්ථාවේ සැකකරු එම දෙදෙනාට පහරදී තුවාල සිදුකර තිබේ.

-තරිඳු විජේහේවා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment