ජනපති ඝාතනයට දුරකථන සාක්ෂි නෑ - නාමල් කුමාරත් අත්අඩංගුවට?


ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ පැමිණිල්ලක් සිදු කළ නාමල් කුමාර නැමැත්තාගේ දුරකථනයේ මකා දමා තිබූ දත්ත අතර එම ඝාතන කුමන්ත්‍රණයට අදාළ කිසිදු තොරතුරක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ආරංචි මාර්ග පවසන ආකාරයට පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කළ සාකච්ඡාවක් පමණක් මකාදැමූ එම හඬ පට අතර තිබී ඇත.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පැමිණිල්ලක් කළ නිලධාරීන් තුන්දෙනා අතර අදාළ පොලිස් අධිකාරී අල්විස් ද සිටින අතර නාලක සිල්වා ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ වැඩ භාරගැනීමට පෙර අදාළ පොලිස් අධිකාරීවරයා එම ඒකකයේ සේවය කර ඇත.

සිල්වා මහතා අදාළ ඒකකයේ වැඩ භාර ගැනීමත් සමග අදාළ පොලිස් අධිකාරීවරයා වෙනත් ස්ථානයකට මාරු කර යවා තිබේ.

ඒ අනුව නාමල් කුමාර පොලිසිය හා ජනතාව නොමග යවා ඇති බවත් එම චෝදනාව මත පදනම්ව නාමල් කුමාර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙන බවත් එම ආරංචි මාර්ග කීය.

කෙසේවෙතත් නාමල් කුමාර අත්අඩංගුවට ගන්නවා ද නැද්ද යන්න පිළිබඳ අවසාන තීරණයක් ගෙන නැතැයි පොලිස් ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියාසිටියේ නාමල් කුමාර ගේ දුරකථනයේ මකා දමා තිබූ හඬ පිළිබඳව තාමත් විශ්ලේෂණය පැමිණ නොමැති බවත් අදාළ හඬ එකින් එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කරන බවත්ය.

(අනිද්දා)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment