අවස්ථාවක් ලද සැනින් මේ ආණ්ඩුව පෙරලනවා-එස්.බී

ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළා දමා නව ආණ්ඩුවක්  පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක  ඊයේ (27) පැවසිය.

ඡන්දයකින් හෝ
වෙනත් ආකාරයකින්  එය සිදුකරන බව කී හෙතෙම  ඉක්මනින් ඡන්දයක් පැවැත්විමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් එයට සහය ලබාදෙන බව ද කීව්වේය.

රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත්‍රීවරුන් පක්ෂ බේදයකින් තොරව එවැනි යෝජනාවකට සහය ලබාදෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන්
කළේය.

නියමිත කාලයට පෙර ඡන්දයක් නොපැවැත්වුවහොත් කෙසේ හෝ ආණ්ඩුව  පෙරළා යළිත් අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට තම කණ්ඩායම සූදානම් බවද එස්.බි. දිසානායක  වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමෙන් ද නව ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව කී හිටපු අමාත්‍යවරයා ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා ඡන්ද 103ක් පමණක් ලැබීමේන් ඔවුන්ට ද බහුතර බලයක් නොමැති බව පෙනී යන්නේයැයි පැවසිය. එස්.බී. දිසානායක  මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමීතිපාලගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


(ඩයනා උදයංගනී)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment