පොලීසිය ආරක්ෂක අමාත්‍යංශයට : මාධ්‍ය මංගලට : ආයතන ගැසට් එක මෙන්න.


නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන් හා කාර්යයන් නිවේදනය කර ඇති බව සඳහන්ය.

එමෙන්ම අදාළ අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා යටතට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ද, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද පත් කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යධුරය දරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදිය පත් කර තිබේ.

ගැටුම් වලින් හානියට පත් දේපළ හා තැනැත්තන් පුනරුත්තාපනය කිරීම, ත්‍රස්ථවාදී ක්‍රියා වල යෙදී සිටි තැනැත්තන් නැවත සමාජගත කිරීම සඳහා ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම අග්‍රාමාත්‍යවරයාට පවරා ඇති විෂයන් හා කාර්යයන් යටතට අයත් වෙයි.

එමෙන්ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා යටතට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ලේක්හවුස් ආයතනය ද පවරා ඇති බව සඳහන්ය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment