මෛත්‍රීගෙ සභාපතිකම ගැළවීමේ සැලසුමක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කර පක්ෂයේ නායකත්ව වෙනසක් සිදු කිරීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හරහා අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර පක්ෂ නායකයින්ගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද සඳහන් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමත් සමග මෙම අර්බුදය උත්සන්න වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනකු ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය 28 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඉල්ලීම් කර ඇත්තේ පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා කෙටි කාලයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
එළැඹෙන 04 වැනි දිනට පෙර අදාළ තීරණයට එකඟත්වය පළකරන ලෙසටද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් වාර්තා වන අන්දමට මේ සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දැඩි මැදිහත් වීමක්ද පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් වැඩි පිරිසක් ඇයට හිතවත් අය බවද පැවසේ.
මේ අනුව එළැඹෙන 04 වැනි දින පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මහා සමුළුවේදී ඊට සහභාගි වන පාක්ෂිකයින් හරහා නායකත්වයට විරෝධයක් මතුකිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද දැනගැනීමට ඇත.
(අරුණ )
0 comments :
Post a Comment