ගිනිපෙල්ලෙන් දරුවාගේ කකුල පිළිස්සූ මව අත්අඩංගුවට


 බාලවයස්කාර පිරිමි දරුවකුගේ පාදය ගිනි පෙනෙල්ලෙන් පිළිස්සු බව කියන එම දරුවාගේ මව සැකපිට අත්අඩංගුවට ගැනීමට මාතලේ මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 මාතලේ උකුවෙල
රත්වන ප්‍රදේශයේ වයස අවුරුදු (6) කුඩා දරුවෙකු පාදයක පිළිස්සුම් තුවාල සහිතව ඊයේ (27) මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. ඒ පිළිබඳව මාතලේ පොලිසිය වෙතද පැමිණිලි කර ඇත.

 දරුවා තම මිත්තනියගේ රැකවරණය යටතේ ලයින් කාමරයක ජීවින්ව ඇති අතර දරුවාගේ මව සහ මිත්තනිය අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් කුඩා දරුවාගේ පාදය මව විසින් පිළිස්සූ  බවට මිත්තනිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂක චානක ද සිල්වා මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

-රවින්ද්‍ර විරාජ් අබයසිරි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment