බොල්ගොඩ ගං ඉවුරේ කසිප්පු ස්කාගාරය වටලන්න ධීවර වෙස්ගත් පොලිස් මෙහෙයුම


ධීවරයන් ලෙස වෙස්වළාගෙන සිටි පිංවත්ත පොලිසියේ නිලධාරීහු වාද්දුව තල්පිටිය බොල්ගොඩ ගං ඉවුරේ කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් 26 වැනිදා වැටලූහ.
එහිදී රුපියල් ලක්ෂ විසිපහකට ආසන්න  වටිනාකමින් යුත් කසිප්පු  හා ගෝඩා තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කසිප්පු මිලිලීටර් අසූපන් දහසක්, බැරල් විසි දෙකක අඩංගුව තිබු ගෝඩා මිලි ලීටර් අසූපන් ලක්ෂයක්,  ගෑස් සිලින්ඩර්, ගෑස් ළිප්, දඟර,
යීස්ට් හා සීනි ඇතුළු භාණ්ඩ තොගයක් මෙහි තිබී පොලිසිය භාරයට ගෙන ඇත.

පිංවත්ත පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පී. ආර්. දිසානායක මහතාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම කර ඇතැයි පොලිසිය කියයි. ධීවර වෙස්ගත් ස්ථානාධිපති හා නිලධාරීන් ඔරු දෙකකින් හා බෝටුවකින් කසිප්පු පෙරන ස්ථානයට උපක්‍රමශීලීව ළගා වී ඇත. සැකකරුවන්ට පලායමට සිතීමටවත් ඉඩ නොතබා මෙම වැටලීම සාර්ථකව කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. ගං ඉවුරේ පෙරන ලද මත්පැන් ඔරුවක දමාගෙන කිලෝමීටර් දෙකක් පමණ බොල්ගොඩ ගඟෙන් ගොස් පසුව ත්‍රිරෝද රථයක පටවාගෙන ගොස් ඇත.

එම කසිප්පු ඉටි උරවල බහා බෙදාහරින බව සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 23 හා 24 අතර පානදුර හා පිංවත්ත පදිංචි පුද්ගලයන්ය. පිංවන්ත පදිංචි පුද්ගලයාට මේ ආකාරයේ පෙර වැරැදි හතරක් ඇතැයි පොලිසිය කියයි. සැකකරුවන් දෙදෙනා පානදුර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

-එම්.සී.පෙරේරා-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment