මාවනැල්ලේ මුස්ලිම් ගැටුම් වලට මගේ සම්බන්ධයක් නෑ - මරික්කාර්


පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරීක්කාර් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ පවසා තිබේ.
'මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමිමක් ගැන ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. මමත් එක්සත් ජාතික පක්ෂයත් මේ. ක්‍රියාව තරයේ හෙළා දකිනවා. රටේ මේ වනවිට ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කර තිබෙනවා
නිතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා. පොලිසිය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව පොලිසියට පරික්ෂණ කළ හැකි බව අප ඔප්පු කර පෙන්වා තිබෙනවා.
මේ සම්බන්ධව අන්තර්ජාලයෙන් විවිධ පුද්ගලයන් මඩ ප්‍රහාර එල්ල කරනවා. දින 51ක් මහින්ද රාජපක්ෂ නීති විරෝධී
අගමැති ලෙස සිටින සමයේ මෙවැනි ක්‍රියා වූයේ නැහැ.අන්තර්ජාලය තුළ නැවත වරක් ජාතිවාදය වපුරුවා එය රට පුරා ක්‍රියාත්මක කර ලේ වැගිරිම් ඇතිකර ඒ හරහා
නැවත සංහිඳියාව නැති කර ජාතීන් අතර වෛරය  ඇතිවන වැඩපිළිවෙළක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබෙනවා.
 සිද්ධියේ ප්‍රධාන සැකකරු මන්දමානසික පුද්ගලයකු නිසා අත්අඩංගුවට ගන්නට එපා යැයි මා පැවැසූ බවට අසත්‍ය ප්‍රචාර ෆේස් බුක් හරහා ප්‍රචාරය කරමින් තිබෙනවා. මාවනැල්ල ප්‍රදේශය සමඟ මට කිසිම සම්බන්ධයක් නැහැ. මෙවැනි සංවිධානාත්මික වෛරී ප්‍රකාශ අප තරයේ හෙළා දකිනවා. ෆේස් බුක් චණ්ඩි නොවී යම් චෝදනාවක් තිබේ නම් ඔප්පු කර පෙන්වන ලෙසට මා අභියෝග කරනවං. එලෙසේ ඔප්පු කළහොත් මා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. මා
පොලිසියට බලපෑම් කළායැයි ඔප්පු කළහොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. මේ පිළිබඳව සොයා බලන ලෙස ලිබිනව මා පොලිසියෙන් ඉල්ලා සිටියා.
මුස්ලිම් සමාජය මෙවැනි ක්‍රියා කරයේ ප්‍රතිකේෂ්ප කරනවා. ඒනිසා මුස්ලිම් සමාජය ඉදිරිපත්වී බුදු පිළිම වහන්සේලා නැවත ප්‍රතිස්ථාපනය කරනවා නම් එය සංහිදියාවට දෑත දිගු කිරිමක් බව කිව යුතුයි. මේ සදහා මැදිහත්වන්නැයි කවුරුන් හෝ මට ආරාධනා කරනවා නම් එය කරන්නන් මා සූදානම්.'
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment