මෝදි වතුකරයට දුන් නිවාස 150 ක් ඊයේ ජනතා අයිතියට


ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් නුවරඑළිය, ඩයගම - බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්‍රහම් සිංහෝපුරම්” නව ගම්මානය ඊයේ (20) දින ජනතා අයිතියට පත්කරන ලදි.

රුපියල් මිලියන 170 ක් වැය කර මෙම නව ගම්මානය ඉදිකර ඇති අතර විදුලිය,

ජලය, අභ්‍යන්තර මාර්ග සහ ළමා මධ්‍යස්ථානයක්ද ඊට ඇතුළත්ය‍.
පර්චස් 7ක වර්ග අඩි 550ක මනරම් නිවසක් නිරවුල් ඔප්පු සහිතව නොමිලේ මෙලෙස ලබාදෙනු ලැබීය. මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ගරු වී රාධක්‍රිෂ්ණන් මහතා, ඇතුලි පිරිසක් එක් විය.
ඉන්දීය අගමැති මෝදිගේ පූර්ණ මැදිහත්වීම මත වතුකරයේ ඉන්දීය දෙමළ සම්භවය ඇති ජනතාව වෙනුවෙන් නිවාස 10000 ක් ලබාදීමට නියමිතය.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment