නිවසට ආ කම්කරුවා හා අසල්වැසි විවාහකයාගෙන් අපයෝජනයවූ 15 හැවිරිදි දැරිය

බාලවයස්‌කාර දැරියක්‌ දූෂණය කළ සැකකරුවන් දෙදෙනකුගෙන් එක්‌ අයකු අත්අඩංගුවට ගෙන ඇති කොස්‌වත්ත පොලිසිය අනෙක්‌ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරගෙන යයි.

වින්දිත දැරිය ලුණුවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 යි මාස 11 ක දැරියකි. දැරිය සීයා සහ මිත්තණිය ළඟ පදිංචිව සිටියි.

නිවස අසල පදිංචි අයකුට එරෙහිව වින්දිත දැරියගේ සීයා කොස්‌වත්ත පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ. පැමිණිල්ල විමර්ශන කිරීමේදී දැරිය
ලිංගික අතවර කිරීමක්‌ ගැන අනාවරණය වී ඇත.

වින්දිත දැරිය හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමෙන් පසු දැරිය දූෂණයට ලක්‌ වී ඇති බව දැනුම් දී තිබේ.

ඒ අනුව දැරියගෙන් පොලිසිය නැවත ප්‍රකාශයක්‌ ලබාගෙන ඇත.

එම ප්‍රකාශයට අනුව මෙයට වසර එක හමාරකට පමණ පෙර වින්දිත දැරිය පදිංචි ඉඩම වටා කම්බිවැට සැකසීමට තරුණයකු පැමිණ තිබේ. ඔහු ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇයගේ නිවසේදීම දූෂණයට ලක්‌ කර ඇත.

දැරිය නැවතත් මෙයට මාස 11 කට පමණ පසුව නිවස අසල පදිංචි විවාහකයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇත. ඔහු ද අවස්‌ථා කිහිපයකදීම ඇය දූෂණය කර ඇති බව ප්‍රකාශයේ සඳහන්ය.

ඒ අනුව පොලිසිය දෙවන සැකකරු අත්අඩංගුවට ගෙන මාරවිල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

පළමුවන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරගෙන යයි.
 - ඒ. යූ. ගුණපාල -
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment