තායිවානයේ සෝෂල් මීඩියා අයිකතයක්වූ බිකිනි කාන්තාව කන්දකින් වැටී මරුට


තායිවානයේ සමාජ ජාල රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි ගිගි වූ නමැති 36 වියැති රූමත් කඳු තරණය කරන්නිය අඩි 100ක් උස ප්‍රපාතයකට ඇද වැටීමෙන් පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත් වූවාය. තායිවානයේ ජුපෙන් කඳු පාමුල වැටී තිබූ
ඇගේ සිරුර නැන්ටෝ ගිනි නිවන භටයන් විසින් සඳුදා සොයාගන්නා ලදී. ප්‍රපාතයට ඇද වැටීමෙන් පසු ගිගිගේ ඉඟටියෙන් පහළ කොටස අප්‍රාණික වූ අතර උපකාර ඉල්ලා ඇගේ මිතුරකු වෙත දුරකථන ඇමතුමක් දී තිබූ බව එම ගිනි නිවන මධ්‍යස්ථානයේ කැප්ටන් චෑං චිං-පියාඕ ,CNN පුවත් සේවයට පවසා ඇත.

හෙලිකොප්ටරයකද සහාය ඇතිව භටයන් 6 දෙනකු ඇය සෙවීමේ නිරත වූ නමුත් ඈ වැටී  සිටි ස්ථානයට ළඟාවීම දුෂ්කර වී තිබේ. මෙම කඳු නඟින්නිය, තමා කඳු ශිඛරයක් තරණය කළ සෑම විටකම බිකිනියකින් සැරසී ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා මඟින් ප්‍රසිද්ධ කිරීමට පුරුදුව සිට ඇත.

මේ නිසා 14,000 ඉක්මවන අති විශාල රසික පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීමටද ඇයට හැකි විය. පසුගිය වසර  4 තුළ කඳු ශිඛර 100ක්  තරණය කිරීමට ඇය සමත්ව තිබිණි. ඇගේ ෆේස්බුක් පිටුව වෙත රසිකයන් වෙතින් ශෝක ප්‍රකාශ පණිවුඩ නොකඩවා ලැබෙමින් පවතී.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment