පවුලට එක්වූ නව සොයුරිය පිළිගනිමින් නාමල් තැබූ සංවේදී සටහන

හැමවිටම විවිධ දේශපාලන කතාබහ සිද්ධවුන මහින්ද රාජපක්ෂ පවුලේ අද සිදුවූ මංගල උත්සවය පෙර නොවූ විරූ එකකි. පුතුන් පමණක් සිටි පවුලට මහින්දට ශිරන්තිට මුල්වරට ලේලියක කැඳවා ආවේ අදය. ඒ පවුලේ බාලයා රෝහිතය.
තම සහෝදරයාගේ ජීවිතයේ වෙනස සම්බන්දයෙන් නාමල් රාජපක්ෂ
සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ අපූරු සටහනක් තබා තිබේ. එය මෙසේය.

ජීවිතයට නමින් අප හඳුන්වන මේ ගමනේදී මගේ පළමු මිතුරන් වූයේ සහෝදරයින්ය. පාසලේදී රග්බි පිටියේදී අපි එකාවන්ව විවිධ අත්දැකීම් ලබමින් එකට හැදුණෙමු.
 මගේ ජීවිතයේ මේ කියන ඉතා හොඳ මිතුරන් දෙදෙනෙකුගේ
ආශීර්වාදය ලබාගන්නට හැකි විය. අපි සැමවිටම නොබිඳිය හැකි සොයුරන් වන අතර අපි තවමත් එකටම සිටිමු. අපි හැමවෙලේම අපි එකිනෙකා අතරට ලොකු ශක්තියක් සපයන්නෙමු.

නමුත් අද දින මගේ සොහොයුරු  සිය ආත්මීය සහකාරිය සමඟ වෙනම ගමනක් අරඹයි. ජීවිතයේ හොඳම සහකාරිය සොයායාමේ පිරික්සුමේදී
ඉතා ඉක්මනින් තමාගේම ආත්මීය සහකාරිය සොයා ගැනීමට ඔහු වාසනාවන්තවූයේය. චීචීටත් ටට්යානාටත් මගේ සුබ පැතුම් පිරිනමමි. ඔබලා අද ජීවන පොතේ නව පරිච්ඡේදයක් අරඹනු ඇත. චිචීට තම සහකාරිය ලෙස ටට්යානා හැර වෙන කෙනෙක් සොයාගන්නට නොහැකි බවත් ඇය ඔහුටම ගැලපෙන හොඳම සහකාරිය බවත් මම දනිමි.ටටියානා චිචි සඳහා පරිපූර්ණ භාර්යාවයි. ජීවිත සිහිනය අවසන් වනතුරු ඔබදෙපළගේ සබැඳියාව පවතින ඇත.
නව නැගණිය පවුලට සාදරයෙන් පිළිගනිමු. නව සොයුරියක බවට ඔබ පත් කිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වෙමි.






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment