‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ විහිළුවක්, මිනීමරුවන්ට ජනාධිපති අපේක්ෂක වෙන්න බෑ: වෙල්ගම.

‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බවත් මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයා විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන මිනී නොමරන සුළු ජාතීන්ගේ ඡන්ද ගතහැකි පුද්ගලයෙකු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ජන හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

ජනාධිපතිවරණයක් ගැන දැන් පටන් කොත්හරම් කතා කියමින් සිටියත් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අග භාගයේදී නිසා ඒ වන විට සුදුස්සෙක් ඊට තෝරා ගැනෙනු ඇතැයිද ඔහු කියා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment