විධායක ජනපතිධූරය අහෝසි කිරීමට රනිල් - මහින්ද එක්වේ.


විධායක ජනපතිධූරය අහෝසි කිරීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

පසුගිය දින කිහිපයෙහි දෙපාර්ශවයේ නියෝජිතයින් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශයට පත්කර ඇත්තේ එම සාකච්ජාවල දී ගනුලැබූ තින්දුවක ප්‍රතිපලයක් ලෙස බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය නොහැකි අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම, 'පොහොට්ටු' පක්ෂය තුල ද බරපතල ගැටුම් මතුවෙමින් තිබෙන තාවයක් තුල මෙම විශේෂ නිවේදනය නිකුත්වීම සුවිශේෂ කාරණයකි.

ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ (2020) ජනවාරි මස 08 වෙනිදට පෙර ජනාධිපතිවරණයක් කැඳවිය යුතුය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment