කිරලාගල චෛත්‍යයට නැග්ග ඉංජිනේරු සිසුන් අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/01/kiralagala-engineer-students.html
සුගිය දිනවල අන්තර්ජාලය තුළ ආන්දෝලනයක් ඇති කළ හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍යය මතට නැග ලබාගත් ඡායාරූප සම්බන්ධ පොලිස් විමර්ශනයක ඇරඹී
තිබුන අතර එලෙස ඡායාරූප ගෙන සමාජ ජාලාවෙත මුදාහැර ඇත්තේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු උපාධි ශිෂ්‍යයන් හත් දෙනකු බවත්, ඔවුන් අම්පාර ප‍්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇති බවත් සැල විය.
මින් ඉහත පිදුරංගල විහාරයේ අසභ්‍ය ලෙස හැසිරීමට අදාළ ඡායාරූප ගැන පොලිස් විමර්ශන සිදුවූ ආකාරයට මෙම සිදුවීමද සිදුව තිබේ.
අනුරාධපුර පුරා විද්‍යා කලාපයේ

කිරලාගල කලාප භාර පුරාවිද්‍යා නිලධාරියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන කර සිසුන් 07 දෙනාම හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
සිදු කළ විමර්ශනවලදී මෙම පෞරාණික ස්ථානය නැරඹීමට නිතර සංචාරකයින් පැමිණෙන බවත් එය පුරාවිද්‍යා ස්ථානයක් බවට නාම පුවරුවක්වත් යොදා නැති බවත් හෙළි වූ බව කී පොලිසිය එම ස්ථානයේ ආරක්‍ෂාවට යොදා සිටින්නේද මුස්ලිම් ජාතිකයකු බව පැවසීය.
මෙම ස්ථානයේ ලංකාවේ දෙවැනි ලොකුම පොකුණ, පැරණි රෝහලක නටබුන් ඇතුළු පුරාවිද්‍යා නටබුන් ඇති නමුත් අත්අඩංගුවට ගත්  සැකකරුවන් පුරාවිද්‍යා ස්ථානයට හානියක් කළ බවට වාර්තා වී නැතැයි පොලිසිය වාර්තා කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment