ස්වීඩනය ඔටාරාට, ඩයන්ට ජෝර්ජියාව: නව ‌කොන්සල්වරු සිව් ‌දෙනෙකු පත්වේ.

රටවල් 4ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන නව කොන්සල්වරුන් සිව් දෙනෙකු පත්කර ඇත.

ගෞතමාලාව, ස්වීඩනය, භූතානය හා ජෝර්ජියාව යන රටවල් හතර සඳහා මෙම නව පත්කිරීම් සිදුකර තිබේ.

මේ අනුව ගෞතමාලාව සඳහා ව්‍යාපාරික අරූන් හයිඩ්‍රාමණි මහතා ද  ස්වීඩනය සඳහා ව්‍යාපාරික ඔටාරා ගුණවර්ධන මහත්මිය ද භූතානය සඳහා ව්‍යාපාරික අබ්බාස් යූසූෆ් අලි මහතා සහ ජෝර්ජියාව සඳහා ව්‍යාපාරික ඩයන් ගෝමස් මහතා ද කොන්සල්වරුන් ලෙස පත්කරනු ලැබ ඇත.

මෙහිදී අරූන් හයිඩ‍්‍රාමණි සහ අබ්බාස් යූස්ෆ්අලි මහත්වරුන්ගේ පත් කිරීම් ඉකුත් නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන අතර ඔටාරා ගුණවර්ධන මහත්මියගේ හා ඩයන් ගෝමස් මහතාගේ පත් කිරීම 2018 වසරේ නොවැම්බර් 15 දින සිට බලපැවැත්වේ.

මෙම පත්කිරීම්වලට අදාල ගැසට් නිවේදනය පසුගිය 19 වැනිදා ප්‍රකාශයට පත්කළ අතර මෙම තනතුරු වේතනයක් නොලබන ගරු සේවයක් ලෙස කටයුතු කරනු ලබයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment