ඝාතකයාව දන්නවානම් මට නොවෙයි CIDයට කියන්න: ලසන්තගේ දියණිය ගෝඨාට දන්වයි.

තම පියාගේ ඝාතකයා පිළිබඳව දන්නේනම් තමන්ට නොව වහාම ගොස් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පවසන්නැයි, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රතිචාර දක්වමින් සඳහන් කරයි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් කවුරුන්දැයි තමා දන්නා බවත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ශ්‍රී ලංකාවට පැමිණ තමා හමුවීමට පැමිණියහොත් තමන් එම ඝාතකයා කවුරුන්ද යන්න ඇයට හෙළි කිරීමට සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

එයට ප්‍රතිචාර දක්වමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය Sunday Observer පුවත්පතේ ලිපියක් පල කරමින් සඳහන් කර තිබෙන අතර එහිදී ඇය සඳහන් කරන්නේ “ඔහු කියන්නේ ඇත්ත බව මට විශ්වාසයි. මගේ පියා ඝාතනය කළේ කවුරුන්ද යන්න ඔහු පැහැදිලිවම දන්නවා ඇති.  මම පොලිසිය නෙවෙයි. ඔහු එය ප්‍රකාශ කළ යුත්තේ CIDයටයි. ඝාතනයේ සැකකරුවන්ට රාජතාන්ත්‍රික තනතුරු ලබා නොදී එම ඝාතකයන් පිළිබඳව ඝාතනය සිදුවූ මොහොතේම හෙළි කළ යුතුව තිබුනා”.

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරනු ලැබුවේ 2009 ජනවාරි අට වැනි දා ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment