සිරිසේනගේ මහවැලි උපදේශක සේවා කාර්යාංශයේ මූල්‍ය වංචාවක් : කෝප් කමිටුවෙන් පරීක්ෂණයක්.


මහවැලි උපදේශක සේවා කාර්යාංශයේ සිදු වී යැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ද ඒ ගැන කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන්නේ යැයි ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජික මන්ත්‍රීවරයෙක් පැවසීය.

මොරගහකන්ද ඇතුලුව මෙරට ජාතික මට්ටමේ ව්‍යාපෘති රැසකට උපදේශක සේවා සැපයීම මෙමගින් සිදුකර ඇතැයි ද එසේ සිදුකළ ව්‍යාපෘති කීපයක සැකකටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් මෙම තොරතුරු ලැබී ඇතැයි ද එම මන්ත්‍රීවරයා කීය.

මූලික වශයෙන් ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් ඇගයීම්, මූලික පරිසර පරීක්ෂණ අධ්‍යයන හා වාර්තා සැකැසීම් ආදියත් සමාජ ආර්ථික සමීක්ෂණ, නැවත පදිංචි කිරීමේ සැලසුම් සකස්කිරීම් ආදිය මහවැලි උපදේශක සේවා කාර්යාංශය මගින්  සිදුකර ඇතැයි කී හෙතෙම මේ වනවිට එම ආයතනය ඈවර කිරීමට කටයුතු කරමින් සිටින බවට ද තොරතුරු ලැබී ඇතැයි ද පැවසීය.

සමාගමේ අවසන් මූල්‍ය ප්‍රකාශනයට අනුව වසරේ ශුද්ධ ආදායම රුපියල් ලක්ෂ 64ක් වෙද්දී ආදායම රුපියල් ලක්ෂ 1500 ක් බවටත් ආයතනය සතු ස්ථාවර තැන්පතුවේ වටිනාකම රුපියල් ලක්ෂ 800 ක් ඇති බවටත් සමාගම ඈවර කිරීමට අදාළව සකසා ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

(ලංකාදීප)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment