සුඛෝපභෝගී බස් රථ හා කුලී රථ ගැනීමට සහනදායි ණය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සපයනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ අනුව ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති සහනදායි නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථා ඉදිකිරීමට හා වැඩි දියුණු කිරිමට බලාපොරොත්තුවන ආයෝජකයන්, කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රිරෝද රථ හිමියන් වැනි පිරිස් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතය.

මේ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment