ආයතන ගැසට් එක එයි : කිරිඇල්ලට අලුතින් මුකුත් නැහැ.


වත්මන් අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමේදී සිදුව ඇති දෝෂ නිවැරදිකර නැවත ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව එජාපය ප්‍රකාශ කලද ජනාධිපතිවරයා එම විෂයයන් සම්බන්ධයෙන් ජනවාරි 16දා නිකුත්කර ඇති ගැසට් නිවේදනයේ විශාල වෙනසක් සිදුව නොමැත.

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට නැවත රාජ්‍ය ආයතන ගණනාවක් පවරනවා යයි කීවද මෙම ගැසට් නිවේදනයෙන් අලුතින් කිසිඳු රාජ්‍ය ආයතනයක් ඔහුට පවරා නොමැත.

ජනාධිපතිවරයා පොලිසියද සිය ආරක්ෂක අමාත්‍යංශ විෂයෙන් ඉවත්කර නොමැති අතර එම විෂය යටතේ තිබු පොලිස් දෙපාර්තමේන්තුව යන කරුණ ඉවත්කර ඒ වෙනුවට ශ්‍රී ලංකා පොලිසිය යනුවෙන් එය නැවත ඇතුලත් කරගෙන තිබේ.

මෙම ගැසට් පත්‍රයේ විශේෂ සංශෝධනයක් ලෙස දැකිය හැක්කේ කම්කරු, වෘත්තීය සමිති සමිති සම්බන්ධතා හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතේ තිබු කම්කරු දෙපාර්තමේන්තුව, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය, සේවක අර්ථසාධක අරමුදල, ජාතික වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය ආයතනය, කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය, ශ්‍රම වාසනා අරමුදල, මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව, සීමාසහිත ශ්‍රී ලංකා රැකියා පියස හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල කම්කරු හා වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍යංශය යටතට පත්කර තිබීමයි.

ඒ අනුව කම්කරු, වෘත්තීය සමිති සමිති සම්බන්ධතා කැබිනට් අමාත්‍ය දයා ගමගේ මහතා යටතේ තිබු එම රාජ්‍ය ආයතන 09 එහි කැබිනට් නොවන අමාත්‍ය ධුරය දරන රවීන්ද්‍ර සමරවීර මහතා යටතට ගැසට් කර ඇත.

හර්ෂට තවත් ආයතන කිහිපයක්

එසේම , මෙම ගැසට් නිවේදනය මගින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍යාංශයේ ආයතන සංඛ්‍යාව වැඩිකර තිබේ.

එහි අමාත්‍ය ධුරය දරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට මෙතෙක් තිබූ එකම ආයතනය වන්නේ ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පමණි.

ඊට අමතරව එම අමාත්‍යංශය යටතට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ජනතා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, පවුල් ආර්ථික ඒකකය, දත්ත විශ්ලේෂණ ඒකකය, 1990 සුවසැරිය පදනම, මහජන සැපයීම් කාර්ය සාධක බළකාය ද ඇතුළත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment