ගෝල්ෆේස් කොර්ට් කෝකියාගේ මරණය අභිරහසක් පිළිස්සුණ මළ සිරුර ඇදේ ගැටගහලා

සුගිය සෙනසුරාදා කොල්ලුපිටියේ ගාලුමුවදොර පිටියට යාබද ගොල්ෆේස් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ සිදුවූ අභිරහස් මරණයක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.
මෙම මහල් නිවාස සංකීර්ණයේ කෝකියෙකු ලෙස සේවය කරන මියගිය පුද්ගලයාගේ මළ සිරුර සෙනසුරාදා හමුවී තිබුනේ එහි කාමරයක ඇඳක ගැටගසා තිබියදීය. ඔහු එලෙස ගැටගසා පුළුස්සා
ඇති අයුරක්ද එම පිළිස්සුම් තුවාල නිසා මියයන්නට ඇතැයිද පොලිසිය දන්වා ිතබේ.
119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණ ඔත්තුවක් අනුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය
සහ කොල්ලුපිටිය පොලිසිය විසින් මෙම සිදුවීම පිලිබඳ විමර්ශන අරඹා තිබේ.

එකවර විදෙස් පවුල් කිහිපයක් සඳහා නවාතැන් ලබාදෙන ස්ථානයක් ලෙස කොළඹ ගාලු මුවදොර පිටියට යාබද ගෝල්ෆේස් කොර්ට් නමින් හඳුන්වන මෙම ස්ථානය දිගු කලක් තිස්සේ පවත්වා යන අතර සිද්ධිය සිදුවූ ඒකකයේ බ්‍රිතාන්‍ය ජාතික යුවළක් සහ තායිලන්ත ජාතිකයකු පදිංචිව සිට ඇති බව පැවසේ.

එහි කෝකියෙකු ලෙස  මෙන්ම රියදුරු ලෙසද සේවය කරමින් සිටි මියගිය අය 49 හැවිරිදි වයසේ පසුවිය. අතුරුගිරිය අරංගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ ඔහුගේ බිරිය මොරටුවේ වාසය කරන බවද පැවසේ.

සිද්ධිය සැලවූ පසු එම නිවාස සංකීර්ණය පරීක්ෂාවට ලක්කළ පොලිසිය පදිංචිකරුවන්ගෙන් ප්‍රශ්න කර තිබේ.පොලිසිය සැකකරන්නේ මරණය සමග එහි සිට අතුරුදන්වූ පුද්ගලයෙකු ගැනයි. එම පුද්ගලයා එහි පදිංචි බ්‍රිතාන්‍ය යුවළගේ රියදුරු ලෙස සේවය කරමින් සිට කිසියම් ප්‍රශ්නයක් නිසා රැකියාවෙන් ඉවත්වූ අයෙකු වන අතර මියගිය අය සේවයට ගෙන්වා ඇත්තේ එම පුද්ගලයා ඉවත්වීමෙන් පසුවය.
ඔහු මේවනවිට සොයාගන්නට අපහසු බවත් ඔහුගේ අතුරුදන්වීම පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තාවේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment