සවුදි අරාබිය ශ්‍රී ලාංකික හජ් වන්දනා කෝටාව ඉහළ දමයි


වාර්ෂික හජ් වන්දනාව සඳහා සවුදි අරාබියේ මක්කම වෙත යන නියෝජිත අගය ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි
කිරීමට සවුදි අරාබියානු රජු තීරණය කර තිබේ.

ඒ අනුව මෙම වසරේ එම අගය 3500 ක් දක්වා ඉහළ දමාඇත. මින් ඉහත එම අගය 2240 කි. වාර්ෂිකව ලක්ෂ 17 ක් පමණ ලෝකයේ විවිධ රටවලින් හජ් වන්දනාව පිණිස සවුදි අරාබියට ගමන් කරන අතර එසේ පැමිණෙන පිරිස් වෙත වීසා ලබාදීම හා පහසුකම් සැපයීම සීමාසහිතය.
මේ සම්බන්ධව දැක්වූ සහය ගැන මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය සවුදි රජු වෙත ප්‍රශංසාව පළ කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment