සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මුදල් හා රන්බඩු සොරාගෙන

කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා මුදල් හා රන් බඩු ඇල්ල නගරයේ හෝටලයකදී අද අලුයම සොරකම් කරනු ලැබ ඇතැයි ඇල්ල පොලීසිය කියයි.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා
ඇතුළු පවුලේ පිරිසක් ඊයේ (18) රාත්‍රී ඇල්ල රාවණා ඇල්ල පාරේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන තිබේ. එහිදී තම පවුලේ අයෙකුට අයත් පවුම් එක හමාරක් පමණ වන පෙන්ඩනයක් සහිත රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරාගෙන ඇති බව අද උදේ වන විට දැනගෙන, පසුව ඒ බව ඇල්ල පොලීසියට පැමිණිළි කොට තිබේ.

ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරයි.

(හාලිඇල- විජේරත්න රත්නායක)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment