අසාද් සාලිට එරෙහි විශ්වාසභංගයට අද : ශ්‍රීලනිපයේ සහයත් ලැබෙන ලකුණු.


බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කර විශ්වාසභංග යෝජනාවක් අද (22දා) පැවැත්වෙන සභාවාරයට ඉදිරිපත් කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා පැවසීය.

මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා හතක් අසාද් සාලි මහතාට විරුද්ධව එල්ලවී තිබෙන බවත්, එවැනි චෝදනා ලැබූවෙකු ආණ්ඩුකාරධුරයට පත්කිරීමෙන් බස්නාහිර පළාතට අගෞරවයක් සිදුවී තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් විශ්වාසභංග යෝජනාව පිළිබඳ අදහස ඉදිරිපත්වූ බවත්, බස්නාහිර නව ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව තමන් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ද ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහයෙන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති පත්කළ ආණ්ඩුකාරයා?

කෙසේවුවද බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුනේ, ආණ්ඩුකාරවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවකට සහාය දැක්වීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අමනෝඥ නොවන බවයි.

අසාද් සාලි ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද එහිදී වැඩිදුරටත් සිහිපත් කර තිබිණ.

ඒ පිළිබද කළ විමසීමකදී මංජු ශ්‍රී අරංගල මහතා සඳහන් කළේ එතුමාගේ මන්ත්‍රිවරුම මෙම විශ්වාසභංගය යෝජනා කර තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් මීට පෙර කළ විමසීමක දී ඔවුන් පැවසුවේ යෝජිත විශ්වාසභංගයට සහාය දෙන්නේද නැද්ද යන්න තීරණය කළ හැක්කේ එහි අන්තර්ගතය අධ්‍යයනය කිරීමෙන් පසුව බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment