අසත්‍ය පුවත් ප්‍රචාරය අඩුකිරීමට එකවර වට්ස්ඇප් පණිවිඩ 5 සීමාවක්

ලොව සුප්‍රසිද්ධ ජංගම දුරකථන පණිවුඩ හුවමාරු ඇප් වැඩසටහනක් වන ''වට්ස්ඇප්'' සිය ජාලය හරහා එක්වරකට පණිවුඩ යැවිය හැකි ග්‍රාහකයන් සහ කණ්ඩායම් ප්‍රමාණය 5 දක්වා සීමා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙම සේවාව හරහා ලොව පුරා ව්‍යාප්ත වන අසත්‍ය සහ නොමගයවන සුලු පණිවුඩවල වර්ධනය මේ සඳහා හේතු වී තිබේ. මීට පෙර මම ග්‍රාහකයන් සංඛ්‍යාව 20ක් ලෙස පැවතුණි.

එම සමාගමේ ප්‍රතිපත්ති සහ සන්නිවේදන පිළිබඳ උපසභාපති වික්ටෝරියා ග්‍රෑන්ඩ් විසින් ඊයේ (21දා) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වුණු වැඩසටහනකදී මේ කරුණු පළමු වරට අනාවරණය කර තිබේ. විශේෂයෙන්ම මෙලෙස එකවර පණිවුඩ යැවිය හැකි ග්‍රාහකයන් සංඛ්‍යාව සීමා කිරීම හරහා මෙම වට්ස්ඇප්
වැඩසටහන වඩාත් පෞද්ගලික මට්ටමේ පණිවුඩ හුවමාරු ඇප් වැඩසටහනක් බවට පත්වන බව සමාගමේ අදහස වී ඇත.

අසල්වැසි ඉන්දියාව පසුගිය ජූලි මාසයේදී වට්ස්ඇප් හරහා පණිවුඩ බෙදියහැකි  ග්‍රාහකයන් සංඛ්‍යාව පහක් දක්වා අඩු කර තිබුණි. එරට තුළ මිලියන 200කට වැඩි වට්ස්ඇප් ග්‍රාහකයන් පිරිසක් සිටින අතර මේ හරහා රට තුළ ව්‍යාප්ත වන අසත්‍ය ප්‍රචාර සහ මහජනතාව නොමගය වන සුලු පණිවුඩ ඊට හේතු විය.

 මෙම වට්ස්ඇප් වැඩසටහන අද වනවිට ෆේස්බුක් සමාගම සතු වන අතර 2014 වසරේදී ඔවුන් එය ඩොලර් බිලියන 18කට මිලදී ගෙන තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment