මාධ්‍යවේදී ඝාතන ගැන යුක්තිය ඉල්ලා යාපනයේ උද්ඝෝෂණ.


උතුරේ සහ දකුණේ සිදු කළ මාධ්‍යවේදී ඝාතන සහ පැහැර ගැනීම්වලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඊයේ (ජනවාරි 26) යාපනයේ දී විරෝධතාවක් පැවැත්විණි.

යාපනය මාධ්‍යවේදීන්ගේ ස්මාරකය අසල පැවති විරෝධතාව සඳහා උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන රැසක් සහභාගී වී සිටියහ.

යාපනය මාධ්‍ය සංගමය, මඩකලපුව මාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහසේ වේදිකාව, කිලිනොච්චි මාධ්‍ය සංසදය, මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව විසින් විරෝධතාව සංවිධානය කර තිබිණි.

බීබීසී ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක යාපනය වාර්තාකරු වූ නිමලරාජන් මයිල්වාගනම් ද ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් අතර වේ.

(බීබීසී සංදේශය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment