සංගීතය කලින් නැවතූවැයි - බණ්ඩාරවෙලදී සහාරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගයේ කලබලයක්

https://www.gossiplankanews.com/2019/01/bandarawela-sahara-flash-incident.html#more
ණ්ඩාරවෙල මහජන ක‍්‍රීඩාංගණයේ පෙරේදා (23) රාත්‍රී පැවති සංගීත සංදර්ශනයකදී බීමත් පිරිසක්  සිදු කළ ගල්මුල් ප‍්‍රහාරයක් හේතුවෙන්  බණ්ඩාරවෙල ක‍්‍රීඩාංගණයේ දේපළවලටද හානි සිදුවී ඇති අතර සිද්ධිය මැඩපැවැත්වීමට ක්‍රියා කළ උපපොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා
බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තාවේ.


 සහරා ෆ්ලෑෂ් වාදක කණ්ඩායම ගෙන්වා පවත්වන්නට යෙදුණ මෙම සංගීත සංදර්ශනය රාත‍්‍රී දහය වනතුරු පැවැත්වීමට සංවිධායකයින් බණ්ඩාරවෙල පොලීසියෙන් බලපත‍්‍ර ලබා ගෙන රාත‍්‍රී 10.30 වනතුරු පවත්වා ඇත. කෙසේ නමුත් බලපත්‍රෙය් ප්‍රකාරව උපරිම රාත‍්‍රී 10.30 ට වඩා කරගෙන යාමට නොහැකි බව දන්වා සිටීමෙන් පසු සංගීතය නතර කිරීම නිසා උරණ වූ බීමත් පිරිසක් මෙම කලබලය ඇති කර ඇති අතර ඔවුන් වේදිකාව දෙසට ගල්මුල්වලින් පහරදී තිබේ.
 මෙම පහර දීමෙන් සංගීත සංදර්ශනය පැවැත්වූූ  වේදිකාවට, ක‍්‍රීඩාංගණයේ වැටට හා කොඩි කණුවලට දැඩි අලාභ හානි සිදුවී ඇත.

තමන් ටිකට් ගත්තේ මේ තරම් ඉක්මනින් ප්‍රසංගය නතර කරාවි යයි සිතා නොවන බවට කෑගැසූ අය පුටුවලින් ගල්මුල්වලින් මෙම පහර දීම සිදු කර ඇති බවද වාර්තා විය. පොලීසිය මැදිහත් වී පැමිනි පිරිස්වලට පහර දී  තත්වය පාලනය කර ඇත.
 මෙම පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් විසි දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝවක් පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment