කිරිපිටිවලටත් මිල සුත්‍රයක්

ආනයනික කිරිපිටි සඳහා ඉදිරි දෙසතිය තුළදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට සහ කිරිපිටි සමාගම් නියෝජිතයන් හා එක්ව එම මිල සූත්‍රය සැකසීමට රජය තීරණය කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මුදල්
අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ
කටයුතු අමාත්‍යාංශය සහ කිරිපිටි නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව රජය මෙම එකගතාවයට පැමිණ ඇත.

මීට ප්‍රථම කිරිපිටි සමාගම් කිහිපයක් හේතු ඉදිරිපත් කරමින් දිගින් දිගටම අවධාරණය කළේ ලෝක වෙළෙඳපොළ කිරිපිටි මිල ඉහළ යෑම හේතුවෙන් ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට හෝ ආනයනික කිරිපිටි සදහා අය කරන රුපියල් 107ක්ව පැවැති බද්ද අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (24) කළ විමසීමකදී කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂමන් වීරසූරිය මහතා පැවසුවේ මේ වන විට කිරි පිටි ආනයනය කිරීම නැවැත්වීමට පියවර ගෙන  නැති බවත්, මිල සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් සමග ඊයේ කතාබහක යෙදුන බවත්ය.


-චාමිකා මුණසිංහ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment