බැසිල් පොහොට්ටුවෙ බස්නාහිර මහ ඇමති අපේක්‍ෂකලු

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා බස්නාහිර පළාත් සභාවෙහි මහ ඇමති අපේක්‍ෂක ලෙස තරග වැදීමට සූදානමක් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
19 වැනි සංශෝධනය
අනුව විදෙස් පුරවැසිකම දරන්නෙකුට ජනාධිපතිවරණ හා මහ මැතිවරණ සදහා තරග වැදිය නොහැකි වුවද පළාත් සභා හා පළාත් පාලන මැතිවරන සදහා තරග වැදීමට බාධාවක් නැතැයිද එහි දැක්වෙයි.
දැනට විසුරුවා නැති පළාත් සභාද විසුරුවා හැර පළාත් සභා මැතිවරණය මුලින් පැවැත්වීමට ජනාධිපතිවරයාද තීරණය කර ඇති පසුබිමක ඔහු යලි දේශපාලන තනතුරකට පිවිසීමේ උනන්දුව පෙන්වා තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment