යුරෝපා සංගමය බැංකු කටයුතු සඳහා අවධානම් රටක් ලෙස ලංකාව නම් කරයි.
මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවධානම් පවතින ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම් කිරීමට යුරෝපා සංගමය කටයුතු කර තිබේ.
ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව එක්කර ඇත.
2019 වසර සඳහා රටවල් 23ක අසාදු ලැයිස්තුවක් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති අතර එහි 8 වැනි ස්ථානය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.
යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන මෙම ලැයිස්තුවෙන් බොස්නියාව, ගයානා, පා ඕසය, උගන්ඩාව සහ වනවාටු ආදී රටවල් මෙවර ලැයිස්තුවෙන් ඉවත්ව තිබේ.
පාකිස්තානය, ඉරානය සහ සිරියාව අසාදු ලේකනයේ මුල් ස්ථාන හිමිකරගෙන ඇත.
මෙම ලැයිස්තුව මගින් ශ්‍රී ලංකාව සමඟ සිදුකරන බැංකුමය කටයුතු දැඩි අවධානයකින් සිදුකළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර යුරෝපා සංගමය විසින් පදනම් කර ගන්නා මූල්‍ය කාර්ය සාධක බලකාය මගින් ද ශ්‍රී ලංකාව මූල්‍ය ක්‍රියාකාරීත්වයේ අවධානම් රටවල් 12ක ලැයිස්තුවට ද ඇතුළත් කර ඇත.
0 comments :
Post a Comment