ජනපතිට තේරෙන සත්‍ය බැසිල්ට තේරෙන්නේ නැහැ - විමල්වාදීන්ගෙන් චෝදනාවක්.


පුළුල් ජාතික බලවේගයක් ගොඩ නැගීමෙන් තොරව ජනතා බලය දිනා ගැනීමට නොහැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශයේ කාලින අවශ්‍යතාවය 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට අවබෝධ නොවීම ජාතියේ අවාසනාවක් බව විමල් විරවංශ මහතාගේ මෙහෙයවීම මත පවත්වා ගෙන යන දේශපාලන වෙබ් අඩවියක් අවධාරණය කර සිටියි.

‘‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තේරෙන දේ බැසිල් රාජපක්ෂ මහතාට තේරෙනවා නම් අපි මොණතරම් වාසනාවන්තද?‘‘ යනුවෙන් එම වෙබ් අඩවියේ සඳහන් වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත ප්‍රකාශය සිදුකරනු ලැබ්වේ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේ දී ඊයේ (17) පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

පොහොට්ටු පක්ෂය යටතේ ඉදිරියේදී පුළුල් ජනතා සන්ධානයක් ගොඩනැගීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මේවනවිට දේශපාලන පක්ෂ ගණනාවක් සමග සාකච්ජා ආරම්භ කර ඇතත් ඒ සම්බන්ධයෙන් විමල් විරවංශ මහතාගේ 'ජාතික නිදහස් පෙරමුණ' හා උදය ගම්මන්පිල මහතාගේ 'පිවිතුරු හෙළ උරුමය' පක්ෂ සමග මෙතෙක් කිසිඳු කතාබහක් සිදුකර නොමැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment