දින 12 දරුවකු මග දමාගිය වෛද්‍ය සිසුවිය


දින 12 දරුවකු මග දමාගිය
වෛද්‍ය සිසුවිය

 තම කුසින් ප්‍රසූත කළ දින දොළහක් වයසැති පිරිමි දරුවකු රාත්‍රී කාලයේ බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් කෘරත්වයට පත්කර පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය සිසුවියක චෝදනා ලැබ සිටී.
මීට ටික දිනකට පෙර අනුරාධපුර සාලියපුර පූලියන්කුලම් ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක දොරක් අසල අලුත උපන් බිලිඳකු සුදු රෙදි කැබැල්ලක් මත ඔතා දමා ගොස් ඇති බවට අනුරාධපුර පොලීසියට ලැබුණ දුරකතන ඇමතුමක් මත පොලීසිය ගොස් පරීක්ෂා කරද්දී දරුවා ඔතා තිබු සුදු රෙදි කැබැල්ලට බල්ලකුගේ
අත් සහ කකුල් තබා ආපස්සට ගෙන ඇති බවට

සලකුණුද දක්නට තිබී ඇති අතර එම බල්ලා දරුවාට කිසිඳු හානියක් නොකර තිබීම පිළිබඳව පොලිසිය විමතියටද පත්ව ඇත. පසුව දරුවා සිය බාරයට ගෙන ඇති පොලිසිය  දීර්ඝ විමර්ශන සිදු කිරීමේදී අනාවරණය වී
ඇත්තේ දරු ප්‍රසුතියක් අපේක්ෂාවෙන් කුලී නිවසක නවාතැන් ගෙන සිටි කාන්තාවක මෙම ක්‍රියාව කර ඇති බවයි.
ඇය විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුවියක බවද හෙළිව තිබුණ අතර මිට දින කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව දරුවකු ප්‍රසුත කර එම දරුවාද රැගෙන යළි කුලී නිවසට පැමිණ ඇති බවද අනාවරණය විය.
ඇය පදිංචිව සිටි කුලී නිවෙස් හිමිකාරිය සොයා ගිය පොලිසිය දරුවා ප්‍රසූත කර දමා ෆිය මවගේ දුරකතන අංකය සොයා ගත්තේ ඉන් පසුවයි.
එම දුරකතන අංකයට ඇමතුම් ලබා ගත්තද දුරකථනය ක්‍රියා විරහිත වූ නිසා දුරකථන අංකය පිළිබඳව විග්ලේෂණ වාර්තා ලබා ගෙන ඒ ඔස්සේ  සැකකාර මව පදිංචිව සිටි නිවසට ගොස් ඇය ගෙන් කරුණු විමසීමේදී දරුවා ප්‍රසූත කර දින 12කට පසුව මෙලෙස දමා ගිය බවත් තමා වෛද්‍ය සිසුවියක බවත් ප්‍රකාශ කර ඇත.
බොරැල්ලේ ජීන්ටෙක් ආයතනයට රැගෙන ගොස් ඩී.එන්.ඒ. වාර්තාවක් මගින්ද දරුවා ඇගේ බව තහවුරු කර ඇත.
සැකකාරිය අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමට පවසා ඇය දැඩි අකමැත්තක් පළකර තිබුණි. ඇගේ පෙම්වතා බව කියන අය  ජපානයේ රැකියාව කරන බවද අනාවරණය විය.
කෙසේ වෙතත් මෙම සිදුවීම පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමන් වාර්තාකර සිටියේ සැකකාර මව තවම වෛද්‍ය සිසුවියකවී නැති බවත් විශ්ව විද්‍යාල ප්‍රෙව්ශයට සුදුසකම් ලබා වෛද්‍ය පීඨය ඉල්ලුම් කර සිටින තැනැත්තියක පමණක් බවත්ය.
සැකකාර වෛද්‍ය සිසුවිය විසින් අතහැර කaaරත්වයට පත්කර ඇති බව කියන දින 12ත් වයසැති දරුවා මේ වනවිට අනුරාධපුර රෝහලේ සුරක්ෂිතව වාසය කරන අතර ඒ සම්බන්ධයෙන් ලබන 31 වනදාට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂන් කැකුණවල මහතා නියෝග කළේය.
 31 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද එ සැකකාර වෛද්‍ය සිසුවියට දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment