එහිදී වව්නියාව මුලතිව් හා මන්නාරම්හි සියලු ආගම්හි ආගමික නායකයින්ට, කළා කරුවන්ට, ජ්‍යේෂ්ට පුරවැසියන්ට හා ජ්‍යේෂ්ට මාධ්‍යවේදීන්ට සම්මාන පිරිනැමීම සිදු වූ අතර සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයින් වශයෙන් උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝ නායක සියඹලාගස්වැවේ විමලසාර හිමියන් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සහභාගී විය.
වව්නියාවේ පෞද්ගලික හෝටලයක පැවති මෙම රත්නදීප සම්මාන උළෙලේදී බෞද්ධ , හින්දු කතෝලික ආගමික නායකයින් විශේෂ ඇගයීමකට ලක් කල අතර ඊට අමතරව ජ්‍යේෂ්ට පුරවැසියන්ට ,කලාකරුවන්ට , සමාජ මෙහෙවරක යෙදුනු පුද්ගලයින්ට මෙන්ම සිංහල දෙමළ ජ්‍යේෂ්ට මාධ්‍යවේදීන්ටද සම්මාන පිරිනැමීම මෙහිදී සිදු විය.
මේ අනුව සිංහල මාධ්‍යවේදීන් වශයෙන් යුද සමයේ සිට දීර්ඝ කලක් මාධය ක්ෂේත්‍රයේ නියුතු ජ්‍යේෂ්ට මාධ්‍යවේදීන් වූ උපුල් බාලසූරිය, සනත් ප්‍රියන්ත, උපාලි බන්ධුල සෙනෙවිරත්න හා දිනසේන රතුගමගේ යන අයට මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කරමින් රත්න දීප සම්මාන පිරිනැමීම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතින් සිදු විය.
- වන්නි රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment