පොහොට්ටු මන්ත්‍රීලා දෙදෙනෙක් ඇතුළු පිරිසක් බූරුවා ගසද්දී අත්අඩංගුවට

නවගත්තේගම වේලේවැව වැලිඅගාර ප්‍රදේශයේ දී මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදුනැයි කියන  ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් දෙදෙනකු ඇතුළු සැකකරුවෝ අටදෙනෙක් නවගත්තේගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු
ලැබූහ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි මන්ත්‍රීවරුන්  පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන අතර පිරිස නවගත්තේගම පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් ඇපමත  මුදා හළ බව පොලිසිය කියයි. සැකකරුවන් අද (22) ආණමඩු
මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පවසයි.

වැලිඅගාර ප්‍රදේශයේ පිරිසක් මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ (21) අලුයම මෙම වැටලීම කළ බව ඊට සහාභාහි වූ පොලිස් නිලධාරීහු පවසති.

අත් අඩංගුවට ගත් පිරිස අතර සිටින කීප දෙනකු මින් පෙර අවස්ථා ගණනාවකදි සුදූ ක්‍රීඩාවේ යෙදිමේ චෝදනා මත අත් අඩංගුවට පත් වූවන් බව ද පොලිසිය සඳහන් කරයි.

 මෙම සුදු පිටිය ද කාලයක සිට පත්වාගෙන යන එකක් බවට තොරතුරු ලැබී ඇති බවත් එය පවත්වාගෙන යන පුද්ගලයා මීට පෙර අවස්ථාවක දී ද මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වූවෙකු බවට විමර්ශනවල දී අනාරණය වූ බව පොලීසිය පවසයි. සැකකරුවන් ආණමඩුව හා නවගත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

-ආණමඩුව හිරාන් ප්‍රියංකර සහ  තරුවලගස්වැව පියරත්න වික්‍රමාරච්චි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment