විදුලිබල ක්ෂේත්‍රයට නවීන තාක්ෂණය : රවී කරුණානායක මහතා සිංගප්පූරුවට.


අනාගත විදුලිබල  ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි යොමුකිරීමේ නවීන ක්‍රමෝපායන් සහ ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණික ඥානය උපයෝගී කරගැනීම පිළිබද අධ්‍යයනය කිරීම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානාක මහතා පසුගියදා සිංගප්පූරුව බලා පිටත්විය.

විදුලිබල අවශ්‍යතා හදුනාගනිමින්, ඒ සදහා විදුලිය නිෂ්පාදනය කිරීම  සම්බන්ධයෙන් උපයෝගී කරගත හැකි නවීන ශිල්පීය ක්‍රම පිළිබදව දැනුවත්වීමේ මූලික අරමුණ සහිතව අමාත්‍යවරයා සහභාගී වූ මෙම සිංගප්පූරු සංචාරයේ මූලික සාකච්ඡාව,  ජනවාරි 31 දින පැවැත්විණි.
ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් සහ පුළුල් ඩිජිටල්කරණයක් සහිතව ප්‍රාග්ධන සම්පාදන ක්‍රම මගින් සම්පත් සුරකිමින් පොසිල ඉන්ධන සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සම්ප්‍රේෂණය කිරීම සදහා දායකත්වය සැපයෙන ක්‍රමෝපානයන් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි. 

අනාගත ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත කර, මිල අවම, පරිසර හිතකාමි, ගුණාත්මක සහ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමේ ඒකායන අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, ඉදිරියේදී  තවත් මෙවැනි ජාත්‍යන්තර සමුළු කිහිපයකට සහභාගි වීමට නියමිතව ඇත. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment