ජුමාරියා බීච් පාටියෙන් පැන්න අංගොඩ ලොක්කා ඩුබායි සීසීටීවී ඔස්සේ අල්ලලා

https://www.gossiplankanews.com/2019/02/angoda-lokka-arrested.html#more
පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඩුබායිහි පිහිටි  'ජුමාරියා බීච්' නමැති තරු හයේ හෝටලයේ බවට දැන් තහවුරු කළ වාර්තා ලැබී තිබේ. නැවක හැඩය ඇති අලංකාර එම හෝටලයේ මදුෂ් සාදයක් පවත්වා ඇත්තේ පුතෙකු වෙනුවෙන් බවට හා දුවක වෙනුවෙන් බවට විවිධ වාර්තා පළව තිබූ නමුත් සත්‍ය ලෙසම පවත්වා ඇත්තේ මධුෂ්ගේ දෙවැනි බිරියට දාව උපන් දියණියගේ
පළමු අවුරුද්ද සැමරීමේ සාදයයි. මධුෂ්ගේ පුතෙකුගේ සයවන උපන් දින සාදයක්ද මීට වසරකට පෙර ඩුබායිහිදී මෙපරිදිම හෝටලයක පවත්වා තිබී ඇත.

  'ජුමාරියා බීච්' හෝටලයේ සාදය සඳහා මදුෂ්ට රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් වැයවූ බවටද වාර්තා පළවිය.සාදය පවත්වන අවස්ථාවේ පොලිස් වැටළීම දැක එතනින් පළායන්නට සමත්වූ ප්‍රබල පාතාල නායක අංගොඩ ලොක්කා

හෙවත් මද්දුමගේ චන්දන ලසත්ත පෙරේරාවද ඩුබායි පොලිසියේ දක්ෂතාව මත මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

උපන් දින සාදය පැවැත්වෙන අතරවාරයේ දුම්වැටියක් පෘනය කිරිමට අංගොඩ ලොක්කා හෝටලයෙන් පිටතට පැමිණ සිටි  අවස්ථාවෙන් ප්‍රයෝජන ගන් අංගොඩ ලොක්කා එතැනින් පලා ගොස් සිටි අතර ආරක්ෂිත කැමරා පද්ධතියේ තිබෙන රූප රාමු පරික්ෂාකර බලා
 පරික්‍ෂණ පවත්වා ඩුබායි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව දැන ගැනීමට ලැබී ඇත.

ඩුබායි පමණක් නොව එක්සත් අරාබි එමිර් රාජ්‍යයම අාවරණය වන ලෙස එරටේ ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකර ඇති නිසා එම මෙහෙයුම ඔවුනට පහසු කරුණක්වී තිබූ බව පැවසේ.
කළුතර එනනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර ප්‍රතිවාදී පාතාල නායකයකු ලෙස සැලකෙන  සමයං ඇතුළු ඔහුගේ සගයන් පස් දෙනකු සහ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ඝානනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සලකන අංගොඩ ලොක්කා පොලිසියට අවශ්‍යව සිටි අයෙකි. එම ඝාතන ඔහු සිදු කළේ මදුෂ්ගේ උවමනාවටය. මදුෂ් එම මෙහෙයුම සැලසුම් කිරීමට ඩුබායි සිට ඉන්දියාවට පැමිණ තිබූ බවද පසුව ආරංචි වී තිබුණි.

ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්කා ඔහුගේ සමිපතම ගෝලයකු බව කියන අතුරුගිරියේ රුසියාද සමහ බෝට්ටුවකින් ඉන්දියාවට පැනගොස්
එහි සිටි මදුෂ් සමග එක්වී ඩුබායි වෙත පළාගොස් තිබේ.
එම අවස්ථාවේ ඇතිවූ ගැටලුවක් මත ඉන්දීය ආගමන විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ටික දිනක් එරට බන්ධනාගාරයක සිටි බවටද වාර්තා ලැබී තිබූ අතර ඔහුව ඒ අවස්ථාවේ ලංකාවට ගෙන්වා ගැනීමට රජය සමත්ව තිබුනේ නැත. නමුත් මෙවර ඔහු කොටු විය.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment